Posts

මළ මුහුද

මුහුදු මට්ටමේ මෙන් ඉතාමත් පහළ ස්ථානයක පිහිටි, අධික ලුණු සාන්ද්‍රණයකින් යුත් කිසිම ජීවියෙක් නැති මළ මුහුද ගැනයි අපි මේ ලිපියේ කතා කරන්නේ. ජිවයක් නොමැති මුහුද හෙවත් මළ මුහුද පිහිටා ඇත්තේ නැගෙනහිර ජෝර්දානයට මායිම්ව හා බටහිරින් ඊශ‍්‍රායාලයට මායිම්වයි. මීට වසර සිය ගණනකට පෙර මිනිසුන් මෙම මුහුද දුගඳ මුහුද, යක්ෂයාගේ මුහුද සහ තාර විල යන නම්වලින් හඳුන්වනු ලැබුවා.

මෙය පෘථිවිය සතු අද්වීතිය ස්ථාන වලින් එකක් වශයෙන් සැලකෙන අතරම, මෙම මුහුද අධික ලවණ තාවයකින් යුක්තය. එය සාමාන්‍ය මුහුදු ජලය මෙන් පස් ගුණයක ලවණතාවයෙන් වැඩිය. එනම් අන් සාගරවලට වඩා දළ වශයෙන් 8.6ක ගුණයකින් මෙහි ලවණතාව වැඩි බව සඳහන් වේ. මේ මුහුද වර්ග කිලෝමීටර 41650 ක් දක්වා පැතිරිලා තියෙනවා. මෙහි දිගම ස්ථානය කි.මී 67 ක් විදියටත් පළලම කි.මී 18 ක් ලෙසත් සටහන් වෙනවා. මෙහි උපරිම ගැඹුරු ස්ථානය මීටර 118 වනවා. ඒ වගේම මෙහි වෙරළ තීරය කිලෝමීටර කිලෝමීටර 135 ක් දිගින් යුක්ත වනවා. මෙම මුහුදේ සෝඩියම් ක්ලෝරයිඞ් හා වෙනත් ලවණ සැලකිය යුතු සාන්ද්‍රණයක් අඩංගුය. 

මෙහි කිසිඳු ජීවියෙකුටවත්, පැළැටියකටවත් ජීවත් විමට නොහැකිය. ඒ අධික ලවණතාව නිසාය. ජීවින් ජිවත් නොවීම නිසාම මෙයට මළ මුහුද යන නම ද ලැබි ඇත. මළ මුහුදට සම්බන්ද ප‍්‍රධාන අතු ගංඟාව වශයෙන් ජෝර්දාන නදිය පිහිටා ඇත. මසුන් දස දහස් ගණනක් මළ මුහුදට යොමු වූවත් ඒ එකදු සත්වයෙකුට මෙහි අධික ලවණතාවය නිසා ජීවත් වෙන්න බැහැ.මෙම මුහුදේ පවතින අධික ලවණ ගුණය නිසා මිනිසුන්ට එහි පහසුවෙන් පාවිය හැකිය. පිහිනිමට නොහැකි පුද්ගලයෙකුට වුව ද මළ මුහුදේ දී ගිලිමකින් තොරව පාවිමට හැකි බව කියවේ. 
               
            එමෙන්ම මෙහි මඩවලට ඖෂධීය ගුණයක් ඇති බවට පිළිගැනිමක් පවතී. ඒ නිසාම අතීත රජවරු සහ රැජිණියන් ද තම නීරෝගි බව රැක ගැනිමට මෙම මළ මුහුදු ජලය සහ මඩ භාවිතා කළ බව සඳහන් වේ. පරිසරයේ ඇති දූවිලි, මල් රේණු වගේ දේවලින් ආසාත්මිකතා ඇතිවන පුද්ගලයන්ට මෙන්ම ශ්වසන රෝග හා සමේ රෝග තිබෙන පුද්ගලයන්ට මේක හොද වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙනවා.

Rate This Article

Thanks for reading: මළ මුහුද, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.