2007 දී චිකාගෝවේ විශ්වවිද්‍යාලයක වෛද්‍ය මධ්‍යස්ථානයට 18 වියැති යුවතියක් පැමිණියේ සිය උදරය මහත් වේදනා ගෙන දෙන බව සඳහන් කරමින්. ඇයට වමනය ද පිටවී තිබූ අතර අදහාගත නොහැකි ලෙස කිලෝග්‍රෑම් 18කින් බර අඩු වී තිබුණා. එක්වරම එවැනි බර අඩු වීමක් සිදුවන්නට නම් අතක් පයක් වත් එක් වරම කපා ඉවත් කළ යුතු වෙනවා.
ඉක්මණින්ම ඇගේ උදරය එක්ස් රේ පරීක්ෂණයකට භාජනය කළ අතර ඇගේ ආමාශය තුළ යම් කිසි අඳුරු ද්‍රව්‍යයක් තැන්පත් වී ඇති බැව් දිස් වුණා. එය පිළිකාවක් හෝ ගැටිත්තක් ලෙස අනුමානය කළ වෛද්‍යවරු ඉක්මණින්ම උදරය කපා පිරික්සූ අතර ඔවුනට දැකගත හැකි වූයේ කිලෝග්‍රෑම් 4ක් පමණ බරැති, අඩියකට වඩා දිගින් යුතු හිසකෙස් ගුලියකුයි.
මැයගේ උදරයට මෙවැන්නක් පැමිණියේ කෙසේ ද යන්න කාටත් ප්‍රහේලිකාවක් වුණා. කෙසේ නමුත් අවසානයේ දී අනාවරණය වූයේ ඇය පුරුද්දක් ලෙස සිය හිසකෙස් සැපීමට හුරු වී සිටි බවයි. එය අප බොහෝ දෙනා ආතතියක් පැමිණි විට සිදු කරන නියපොතු සැපීමට සමාන තත්ත්වයක්. කෙසේ නමුත් කාලාන්තරයක් තිස්සේ මෙසේ සිදු කිරීම නිසා හිසකෙස් කොටස් ඇගේ උදරයේ තැන්පත්ව තිබෙනවා.
Rate This Article
Thanks for reading: කෙස් ගිලින ලද තරුණිය, Stay tune to get latest Blogging Tips.