විනෝදය පතා කම්සුව විඳින්නේ අප පමණක්ම ද?
කාම සුඛය හෙවත් සන්තුෂ්ටිය අත්විඳින එකම සත්ව විශේෂය මානවයන් පමණක්ය, කාමය සම්බන්ධයෙන් මිනිසාගේ ප්‍රවේශය අනෙක් සතුන්ට වෙනස් කැපීපෙනෙන සුළු එකක්ය යන මතය සමාජය තුළ බහුලව සංසරණය වන්නකි. කාමය, ලිංගිකත්වය පිළිබඳ වෙනත් බොහෝ ප්‍රශ්නවලදී මෙන්ම මෙමගින් ද අනාවරණය වන්නේ අප මේ විෂය ගැන සාකච්ඡා කරන ආකාරයට සම්බන්ධ සිත් අලවන සුළු කරුණු කාරණා කිහිපයකි. මානවයන් සහ මානවයන් නොවන්නන් එකම ආකාරයට කාමය අත්විඳින්නේ ද යන්න එක්තරා මට්ටමකදී පහසුවෙන්ම පිළිතුරු දී ගැලවී යා හැකි ප්‍රශ්නයකි: අපි කොහොමද දැනගන්නේ? මානවයන් නොවන්නන් කිසියම් දෙයක් අත්විඳින ආකාරය අපි නොදන්නෙමු. මන්ද, ඔවුන්ගෙන් අසා දැන ගැනීමේ හැකියාවක් නොමැති හෙයිනි. මේ සම්බන්ධයෙන් විද්‍යාවට හැකියාව ඇත්තේ පිළිතුරු නොමැති ප්‍රශ්න ගොඩනැගීමටය. “හම්බෙල්ලෙක් කාමය අත්විඳින්නේ කෙලෙසද?” යනුවෙන් ඇසුවොත් දැනට ඇති විද්‍යා දැනුම අනුව කීමට සිදුවන්නේ ‘අපි නොදන්නෙමු’ යන්නයි.
එසේ ප්‍රකාශ කළේ වී නමුදු වෙනත් සත්ව විශේෂයන්ට කාමය සන්තුෂ්ටියක් ගෙන දෙන්නක් ද ඇසුවොත් අපට දැනුවත් අනුමානයක් කළ හැකිය. කිසියම් ස්වරූපයක, ආකාරයක සුඛයක් කාමයෙන් නොලැබෙන්නේ නම් කාමය පතා සතුන් වෙහෙසක් ගන්නේ මන්දැයි මවිතයක් අපට ඇති වේ. ලිංගික ක්‍රියාවලින් රෝගාබාධ ඇතිවිය හැකිය. එමගින් ශක්තිය අපතේ යයි. වෙනත් විශාල සතුන් ඇවිදින් තමුන් ගිල දැමීමට ඇති හැකියාව ඉඩකඩ එමගින් වැඩිවේ. එලෙස කල්පනා කරන විට සතෙකුට සතුටක් ලැබෙතැයි සිතිය නොහැක. සුඛයක් නොලබන්නේ නම් කාමය සොයා යාමට ඔවුනට හේතුවක් නැත. මානවයන් නොවන සතුන් අතර ලිංගික ක්‍රියාවන්ට පෙළඹීම බොහෝ විට සම්බන්ධ කෙරෙන්නේ ඔවුන් තුළ ආවේණිකව ඇති ‘බෝ කිරීමට (ප්‍රජනනයට) තිබෙන පෙළඹවීමටය. එහෙත්, බෝකිරීමට සතුන්ට සහජාශයක් (instinct) ඇත්නම් එය ක්‍රියාත්මක කළ යුතු ආකාරයක් ද තිබිය යුතුය. ඉතින් සුඛය(සන්තුෂ්ටිය) මූලික අභිප්‍රේරණ සාධකයකි. ලිංගිකව ප්‍රජානනයේ යෙදෙන විශේෂ සියල්ලම කාම සුඛයක් ලබන්නේ ය යන උපන්‍යාසය සාධාරණය: ආහාර ගැනීම සෑම සතෙකුටම සතුටක් ගෙන දෙන්නේය යන උපන්‍යාසය මෙනි.
‘සුඛය’ හෙවත් සන්තුෂ්ටිය යන්න තරමක් අවිනිශ්චිත යෙදුමක් හෙයින් මිනිස් නොවන සතුන් ලිංගික ක්‍රියාවලින් සතුටක් ලබන්නේ ද යන්න සෙමීම පිණිස විද්‍යාඥයෝ ඌර්ජය හෙවත් සුරතාන්තය(orgasm) කෙරෙහි අවධානය යොමු කළහ. එය කාම සැපතෙහි ප්‍රබල ස්වරූපයකි. සුරතාන්තය හා සම්බන්ධ කායික වෙනස්කම් නිරීක්ෂණය කිරීම පහසුය. ලිංගික ක්‍රියාවේ යෙදෙන විට අනිවාර්යයෙන්ම සුරතාන්තයක් ඇතිවෙතැයි සහතික කොට කිවනොහැකි වුවත් මැකීරිලවා (macaques) ඔරංඋටං (orangutans,) ගෝරිල්ලා සහ චිම්පන්සි ඇතුළු විශේෂ ගණනාවක් තුළ උර්ජය (orgasm) සිදුවන බව විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබ ඇත. මානවයන් නොවන අශ්‍රේශයන් (primates) මානවයන්ට සමාන ප්‍රතිචාර දැක්වෙතැයි යන්න විද්‍යාඥයන් අනුමත කරන නිසා ඔවුන් යොදාගෙන අධ්‍යයන සිදුකෙරිණි.
ලිංගිකත්වය ගැන අවධානය යොමු කරද්දී ලිංගේන්ද්‍රිය හා ඌර්ජය මත යොමුවීම අර්ථවත් වෙන්නේ ලිංගිකත්වයේ හෙවත් කාමයේ හැසිරීමේ මූලික කර්තව්‍යය ප්‍රජානනය යයි සංකල්පයන කරන්නේ නම් පමණකි. එහෙත් ලෝකයේ විවිධ සංස්කෘතීන් දක්වන්නේ කාමය හුදෙක් ගැබ්ගැනීමටම සම්බන්ධ නොවන බවයි. නව ප්‍රජනන තාක්ෂණ මගින් ද ලිංගිකත්වය හා ප්‍රජානනය වෙන්කර දමා ඇත: ගැබ් ගැනීම පිණිස මිනිසුන් ලිංගිකව හැසිරීම අවශ්‍ය නොවේ යන්නයි ඉන් දැක්වෙන්නේ. ඇත්තටම ළමුන් සංඛ්‍යාවට වඩාබ ලිංගික ක්‍රියාවේ යෙදීමේ වාර ගණන වැඩිවීමෙන්ම එය පෙනේ. එහෙත් ප්‍රජානනයේ දී කාමය සම්බන්ධ නැතැයි මින් හැඟවෙන්නේ නැත. ගැබ් ගැනීම සිදුවීමට අවශ්‍ය වන ජන්මාණු (gamete) හුවමාරුව ශරීර අතර කිසියම් ආකාරයක සම්බන්ධයක ප්‍රතිඵලයකි. එහෙත් සන්තුෂ්ටිය තකා ලිංගික ක්‍රියාවේ යෙදෙන එකම සත්වයා මිනිසාය යනුවෙන් මිනිසුන් පවසන්නේ ඇත්තටම ප්‍රජනනය ගැන නොතකා කාමයේ හැසිරෙන්නේ මිනිසුන් පමණක් යන්න හැගවීමටය. ඇත්තටම කාමය මගින් වෙනත් කර්තව්‍යයන් ගණනාවක් ඉටු විය හැකිය. කාමය සතුන් එකට එක්කර තබා ගැනීමට බලපෑ හැකිය. එමෙන්ම ධූරාවලී ආධිපත්‍යයක් තහවුරු කළ හැකිය. (උදා: මානවයන්ගේ ළගම ඥාතීන් වන බොන බෝ) මෙම කර්තව්‍යයන් විශේෂයෙන්ම සමාජ සත්වයන්ට(social animals) අතිශය වැදගත්ය. එයට බොහෝ විට ඉඩ සැලසෙන්නේ සතුට පතා ලිංගික ක්‍රියාවේ යෙදෙන්නේ නම් පමණි.
මානවයන් නොවන සතුන් අතර ප්‍රජානනයට සම්බන්ධයක් නොමැති ලිංගික ක්‍රියා ගැන නිදසුන් එමටය. බොහෝ විශේෂවල ගැහැනු සත්තු නිසරු දිනවල පිරිමි සතුන් හා සංවාසයට එක්වෙති(ලේන වඳුරා නිදසුන්ය). පැහැදිලිවම ප්‍රජානනයක් සිදු නොවන එකම ලිංගිකයන් සමග ලිංගිකව හැසිරීම(ඒ ගැන සෙවීමක් සිදු කරනු ලැබූ) සෑම පෘෂ්ඨවංශිකයන් මෙන්ම ඇතැම් පෘෂ්ඨවංශිකයන් නොවන සතුන්ද අතරේ සිදුවේ. මානවයන් විලසම බොහෝ සත්ව විශේෂ ද සන්තුෂ්ටිය පතා කාමයෙහි හැසිරෙන බවට මේ සාක්ෂි ප්‍රමාණවත්ය. එසේ නොමැතිව එය මිනිස් අප පමණක් සුවිශේෂීව අත්විඳින්නක් නොවේ.
DISCOVER Magazine හි Yes, Other Animals Do Have Sex For Fun ලිපිය ඇසුරෙනි
Rate This Article
Thanks for reading: විනෝදය පතා කම්සුව විඳින්නේ අප පමණක්ම ද?, Stay tune to get latest Blogging Tips.