Posts

ඕස්ට්‍රේලියාවේ පොළව යට පිහිටි පිහිටි නගරය


 ඔස්ට්‍රේලියාවේ පොළව යට පිහිටි නගරය – කූබර් පෙඩි

කූබර් පෙඩි යනු ඔස්ට්‍රේලියාවේ පිහිටි කුඩා නගරයක් වන අතර එහි බොහෝ දෙනා වාසය කරනුයේ පොළව යට ය​. මෙම නගරය ඉතාමත් දුර්ලභ,  සිත් ගන්නා සුළු ලක්ෂණ වලින් හෙබි අතර ඉංග්‍රීසි බසින් ඕපල් යනුවෙන් හඳුන්වනු ලබන අග්නිමාණික්‍ය වලට සුප්‍රසිද්ධ ප්‍රදේශයක් වනවා. මෙම ලිපිය මඟින් ආකර්ශනීය නිවෙස් සහ ආපනශාලා වලින් යුක්ත මෙම නගරය සම්බන්ධයෙන් කරුණු දැන ගැනීමේ හැකියාව ලැබෙනවා.

පිහිටීම සහ පළමු වරට සොයා ගැනීම


කූබර් පෙඩි දණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ පිහිටි කුඩා නගරයකි. මෙම නගරය අග්නිමාණික්‍යවලට ඉතාමත් ප්‍රසිද්ධියක් උසුලනවා. මෙම පෂාණ​ වර්ගය පළමු වරට සොයා ගැනීමෙන් අනතුරුව නගරයේ ජනාවාස ඇතිවීම​ සිදුව තිබෙනවා. කූබර් පෙඩි සිට​ ඇලිස් ස්ප්‍රින්ග්ස් සැතපුම් 427 ක් පමණ දුරිනුත්, මෙල්බර්න් සැතපුම් 969 ක් පමණ දුරිනුත් පිහිටා තිබෙනවා. දකුණු ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් වෙත ඇති දුර සැතපුම් 526 ක් පමණ වනවා. මෙහි ඕපල් නිධි පැතිර පවතින භූමි ප්‍රදේශය වර්ග කිලෝමීටර් 4,954 පමණ ආවරණය කරනවා. මෙහි සම්පූර්ණයෙන් නිධි 70 ක් පමණ පිහිටා තිබෙනවා.


මෙම නගරයේ ඉතිහාසය සම්බන්ධයෙන් විවිධ මූලාශ්‍ර වල නොයෙකුත් කරුණු අන්තර්ගත වනවා. ඒ අතර කූබර් පෙඩි නම් නගරය සොයා ගැනීමේ ගෞරවය වර්ෂ 1915 දී 14 හැවිරිදි පිරිමි ළමයකුට​ හිමි වන බව දැක්වෙනවා. ඔහු නමින් විලී හචිසන් නම් වන අතර ඔහු රත්‍රන් පූර්වේක්ෂණය කිරීමේ කණ්ඩායමේ සාමාජිකයෙකු වුණා.

පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව හිටපු සොල්දාදුවන් මෙම අග්නිමාණික්‍ය තිබෙන භූමි වලට පැමිණුනා. එමෙන්ම ඔවුන් තාවකාලික බිංගෙවල් ඇතිකොට පොළව යට ජීවත් වීමට වුණා. වර්තමානය වන විට මෙම නගරය බහුසංස්කෘතික ස්ථානයක් වන අතර ජාතීන් 45 ක් පමණ වාසය කරනු ලබනවා. එමෙන්ම මෙම ප්‍රදේශය බහුල වශයෙන් සුදු අග්නිමාණික්‍ය ලැබෙන ප්‍රදේශයක් බවට පත්ව තිබෙනවා.

ලෝකයේ විශාලතම අග්නිමාණික්‍ය වර්ගය තැන්පත්ව තිබෙන ප්‍රදේශය වන්නේ මෙයයි. එමෙන්ම ඕස්ට්‍රේලියාවේ මෙම මැණික් වර්ගයෙන් 80% ක්ම නිෂ්පාදනය කරනු ලබන්නේ මෙම ප්‍රදේශයෙන් වීමද සුවිශේෂී කරුණකි.

කූබර් පෙඩි යනුවෙන් නම් යෙදීම

මෙම ප්‍රදේශයට පටන් ගැන්මේදී “Stuart Range Opal Mines” යන නම භාවිතා කරනු ලැබුවා. එයට හේතුව වන්නේ, ජෝන් මැක්ඩුඕල් ස්ටුවර්ට් නමැති ගවේශකයා මෙම ප්‍රදේශයට පැමිණීම හේතුවෙනි.

කෙසේ නමුත් වර්තමානයේ මෙම ප්‍රදේශය හඳුන්වනු ලබන්නේ කූබර් පෙඩි යනුවෙනි. මෙය මුල් පදිංචි කරුවන්ගේ වචන දෙකක එකතුවකි. කුපක සහ පිටි යන වචන දෙක මේ සඳහා භාවිතා කරනු ලැබුවා. කුපක යනු Mutuntjarra වචනයක් වන අතර එය ‘සුදු මිනිසා’ යන්න සඳහා භාවිතා කර තිබෙනවා. පිටි යන්න Antakirinja වචනයක් වන අතර එය ‘සිදුර’ යන්න සඳහා යොදා ගෙන තිබෙනවා. ඒ අනුව කූබර් පෙඩි යන වචනය වර්ෂ 1920 ජූනි 26 වන දින තෝරනු ලැබුවා. ඒ යෝජිත නම් හතරක් අතරිනි. මෙම තේරීම සිදු කරනු ලැබුවේ අලුතින් පිහිටුවන ලද ප්‍රගති කම්ටුවක් මඟිනි.

කාලගුණය සහ ජනගහනය​

මුහුදු මට්ටමේ සිට මීටර් 226 ක උසකින් යුක්ත මෙම ප්‍රදේශයේ ආසන්න වශයෙන් ජනගහණය 3500 ක් පමණ සිටිනවා. කූබර් පෙඩි හි දිස්ත්‍රික් කවුන්සිලයේ තොරතුරු වලට අනුව මෙම නගරයේ ජීවත් වන පදිංචිකරුවන්ගෙන් 60% පමණ දෙවන ලෝක යුද්ධයෙන් පසුව යුරෝපයේ සිට සංක්‍රමණය වූවන්ය.

මෙම නගරය පිහිටි ප්‍රදේශය ඉතාමත් වියළි බවින් යුක්ත වන අතර, ගස් වලින් තොර වූ තැනිතලා කාන්තාර ප්‍රදේශයකි. එමෙන්ම උණුසුම් කාන්තාර දේශගුණයකට හිමිකම් කියනවා. කෙසේ නමුත් ශීත ඍතුවේදී වියළි සහ සිහිල් දේශගුණයක් හිමි වන අතර, ගිම්හාන ඍතුවේදී ඉතාමත් උණුසුම් සහ වියළි බවකින් යුක්ත වනවා. අප්‍රේල් සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ මෙම ප්‍රදේශය මෘදු දේශගුණයකින් යුක්ත වනවා.  

සුවිශේෂී ස්ථාන

පතල් කැණීම හේතුවෙන් ඇති වූ කුහර වල ආපනශාලා, සාප්පු සංකීර්ණ ආදිය ස්ථාපිත කොට තිබෙනවා. හචිසන් වීදියේ සුපිරි වෙළඳ සංකීරණ දෙකක් ද පිහිටා තිබෙන අතර මෙහි ආපනශාලා ද ඉතාමත් සුවිශේෂී අත්දැකීමක් ගෙන එනු ලබනවා. කෙසේ නමුත් නගරයේ වැසියන්ට අවශ්‍ය ජලය සපයා ගැනීම ඉතාමත් අපහසු අතරම, එය මිළෙන් අධික ස්වභාවයක් උසුලනවා. මීට අමතරව නගරය සතු සුවිශේෂී ස්ථාන කිහිපයක් සම්බන්ධයෙන් මූලාශ්‍ර වල කරුණු දැක්වෙනවා. ඒ අතර,

අවට දර්ශන බලන විශාල තිරිංගලය

මෙය නගරය සතු ඉතාමත් සුවිශේෂී ස්ථානයකි. මෙහි දී ගෙන එනු ලබන දර්ශනයන් තුළින් අග්නිමාණික්‍ය පතල් කැණීම් කටයුතු සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගත හැකි වනවා. එමෙන්ම මෙම අවට දර්ශන නරඹන තිරිංගලය කාන්තාර හරහා ඉර බැසීම නැරඹීමට කදිම ස්ථානය වනවා.

ශාන්ත පීටර් සහ පාවුල් කතෝලික පල්ලිය

මෙය කූබර් පෙඩි හි ස්ථාපිත කරන ලද පළමු පොළොව යට පිහිටි පල්ලියයි. එමෙන්ම ලොව පොළොව යට පිහිටි පළමු පල්ලියද මෙය වන බවට කරුණු දැක්වෙනවා. මුල් වකවානු වල පල්ලිය සියලුම අභිධාන විසින් භාවිතා කොට තිබෙනවා. වර්තමානය වන විට නගරය සතුව ඇන්ග්ලිකන් සහ සර්බියානු ඕර්ත්ඩොක්ස් පල්ලිද පිහිටා තිබෙනවා, මෙම පල්ලි දෙකද පිහිටා තිබෙන්නේ පොළොව යටයි.



උමෝනා අග්නිමාණික්‍ය පතළ සහ කෞතුකාගාරය

මෙය සංචාරක ආකර්ෂණය දිනා ගන්නා ලද ප්‍රධාන ස්ථානයකි. මෙහි දී සංචාරය කිරීමට උපදෙස් ලබා ගත හැකි අතරම, මැණික් ගල් කපන ආකාරයත් ඔප දමන ආකාරයත් දැක ගත හැකි වනවා. පොළොව යට පිහිටි නිවාස සම්බන්ධයෙන් ගවේෂණය කිරීමට ආදියටද අවස්ථාව මෙහි දී සැලසෙනවා.

ඒ අනුව මෙම කරුණු සලකා බැලූ විට හැඟී යන්නේ, ලොව පිහිටි අන් නගර වලට වඩා කූබර් පෙඩි සුවිශේෂී මෙන්ම හාත්පසින්ම වෙනස් ආකාරයේ අත්දැකීමක් වන බවයි.

Rate This Article

Thanks for reading: ඕස්ට්‍රේලියාවේ පොළව යට පිහිටි පිහිටි නගරය, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.