Posts

ආදරය වෙනුවෙන් දිවි පුදන මකුලුවා


ආදරයට දිවි පුදන රෙඩ්බැක් මකුලුවා
සිය සහකාරිය සමග සන්වාසයෙන් පසුව දිවි පුදන සතුන්  සිටිනා බව ඔබ දන්නවාද? ඕස්ට්‍රේලියාවට ආවේනික රෙඩ්බැක් මකුලුවා එලෙස දිවි පුදන්නෙක්. මෙහි ඇති විශේෂත්වය වන්නේ ඌ දිවි පුදන්නේ සිය සහකාරියටම වීමයි. එනම් සන්වාසය අවසානයේ ඌ සිය සහකාරියට රසවත් පෝෂ්‍යදායී ගොදුරක් බවට පත් වෙනවා. 


රෙඩ්බැක් මකුලුවා ඕස්ට්‍රේලියාවටම පමණක් ආවේණික විෂ (ස්නායු විෂ ) සහිත මකුලුවෙක්. ගැහැණු මකුලුවා ප්‍රමාණයෙන්  පිරිමි මකුලුවාට වඩා විශාලයි. හොදින් වැඩුනු ගැහැණු සතෙකු සෙ.මී. 1ක් පමණ විශාල වන අතර, පිරිමි සතෙකු මි.මී 3-4 ප්‍රමාණයක සිරුරකට හිමිකම් කියනවා. කලු පැහැ සිරුරක් ඇති ගැහැණු සතාගේ උදර කොටසේ පිටුපසින් ඉහළට වන්නට රතු පැහැ පටියක් දැකිය හැකියි. එමගින් රෙඩ්බැක් මකුලුවාව පහසුවෙන්ම හදුනාගත හැකි වෙනවා.

රෙඩ්බැක් මකුලුවාගේ ජීවිතය තුල අමුතුම සිදුවීම් කිහිපයක්ම දැකිය හැකියි. 

එකක් තමයි පිරිමි සතා ජීවිතය මාස 6ත් 7ත් අතර කාලයකට සීමා වීම. නමුත් ගැහැණු සතා අවුරුදු 2- 3 ක පමන කාලයක් ජීවත් වෙනවා. 
එමෙන්ම රෙඩ්බැක් මකුලුවාට දින 100ක පමන කාලයක් කිසිම ආහාරයක් නොගෙන ජීවත් විය හැකියි.
තවද මේ මකුලුවාට සෙ.අ.0 වඩා අඩු උෂ්ණත්වයකදීත් සෙ.අ.40 දක්වාත් දිවි රැක ගැනීමේ හැකියාවක් තිබෙනවා.

වැදගත්ම දේ තමයි පිරිමි මකුලුවාගෙ ශුක්‍රාණු නිපදවන ග්‍රන්ථි සහ සහකාරිය සමග එකතුවන පුරුෂ ලින්ගික අවයවය අතර අන්තර් සම්බන්ධයක් නොමැති වීම. 
මේ නිසා යෞවුන් පිරිමි මකුලුවන් සිය මවගේ දැල හැර යාමට පෙර කුඩා දැලක් තනගෙන එයට සිය ශුක්‍රාණු එකතු කරගන්නවා. ඉන් පසු එම ශුක්‍රාණු මල්ල සිය ලින්ග්‍රේන්දිය තුලට ඇතුලු කර ගන්නවා.

ජීවිත පුජාව ඇරඹෙන්නේ සහකාරියක් හමු වුවාට පසුවයි. සන්සර්ගය අතරතුර කිහිප වරක්ම පිරිමි මකුලුවා ගැහැණු මකුලුවා මතසිට උගේ උදරය ඇගේ මුඛය ඉදිරියටම සිටින පරිදි කරනමක් ගසනවා. ඒ සෑම විටකම ඇගේ සපාකෑම් වලට පිරිමි මකුලුවා ලක් වෙනවා. සන්සර්ගය අවසන් වන විට එක්කෝ ගැහැණු මකුලුවා විසින් පිරිමි මකුලුවාව සම්පුර්ණයෙන්ම කා දමා අවසන් නැතහොත් ලබා ඇති මාරන්තික තුවාල නිසා ඌ මියයනවා. වැදගත්ම දේ වන්නේ ඌ මේ ඉරනමට ලක් වන්නේ සිය කැමත්තෙන්මයි.

සොබා දහම පිරිමි මකුලුවාගේ ඉරනම මේ අයුරින් විසදන්නේ හේතු සහගතවමයි. පළමු හේතුව තමයි පිරිමි මකුලුවාට සන්වාසයේ යේදී තම වර්ගයා බෝ කිරීමට හැකියාව ඇත්තේ එක් වරක් විතරක් වීම. ඒ ඌ මවගේ දැලේදී සිය ලින්ග්‍රේන්දියට ඇතුලු කරගත් ශුක්‍රාණු පළමු සන්වාසයේදීම අවසන් වීමයී. මෙසේ දිවි පිදීමෙන් ඌ නැවත් වරක් අසාර්ථක සන්වාසයක යෙදීම වැලැක්වෙනවා. එමෙන්ම ගැහැණු මකුලුවාට සන්වාසය අවසානයේදීම පෝෂ්‍යදායී ආහාර වේලක් ලැබෙනවා.

Rate This Article

Thanks for reading: ආදරය වෙනුවෙන් දිවි පුදන මකුලුවා, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.