Posts

Lionel Messi ගෙන් නව ලෝක වාර්තාවක්

 


Instagram හි වැඩිම Likes ප්‍රමාණයක් හිමිකර ගනිමින් ලෝක වාර්ථාවක් තැබීමට Lionel Messi සමත් වෙ​යි

Instagram සමාජ මාධ්‍ය නාළිකාව පිළිබඳව අද වන විට නොදන්නා කෙනෙක් නැති තරම්. Meta සමාගම යටතේ බලගැන්වෙන Instagram තරුණ තරුණියන් අතර ඉතා විශාල වශයෙන් ප්‍රසිද්ධියක් උසුළන අත​ර මාසිකව බිලියන 2කට ආසන්න පරිශීලකයන් සංඛ්‍යාවක් මෙම සමාජ මාධ්‍ය නාළිකාව භාවිතා කරනු ලබනවා.

FIFA World Cup 2022, එහෙමත් නැත්නම් පාපන්දු ලෝක කුසලානය පසුගිය නොවැම්බර් 21 වන​දා Qatar හිදී ආරම්භ වූ අතර ලෝකප්‍රසිද්ධ Lionel Messi ගේ නායකත්වයෙන් යුත් Argentina කණ්ඩායම සහ කවුරුත් හොඳින් දන්නා ලා බාල පාපන්දු ක්‍රීඩක Kylian Mbappé සමඟින් France කණ්ඩායම අතර​ ඉකුත් 18 වැනි ඉරිදා පැවති උණුසුම් අවසන් මහා තරඟයෙන් ජයග්‍රහණය කිරීමට Argentina කණ්ඩායම සමත් වුණා.

මෙම ජයග්‍රහණයෙන් අනතුරුව Argentina කණ්ඩායමේ නායක Lionel Messi විසි​න් තම කණ්ඩායම ලබා ග​ත් ලෝ​ක කුසලානය සමඟ ඡායාරූප කිහිපය​ක් සිය Instagram ගිණුම හරහා බෙදා ගැනීමට කටයුතු කර තිබුණා.



එම Post එක මේ වන විට Likes මිලියන 70 ක​ට අධික ප්‍රමාණයක් ලබා ගැනීම​ත් සමඟ ලෝකයේ වැඩිම Likes ප්‍රමාණයක් ලබා ග​ත් Instagram Post එකට හිමි ගිනෙස් ලෝක වාර්ථාවට හිමිකම් කීමට Lionel Messi ගේ Instagram Post එකට හැකියාව ලැබී තිබෙනවා. ඒ දින දෙකක් වැනි කෙටි කාලසීමාවක් තුළදී වීමද විශේෂත්වය​ක්. එමෙන්ම වැඩිම Followeres ප්‍රමාණයක් හිමි Instagram ගිණුම් අතර තෙවන ස්ථානයට පත් වන්නේද Messi ​ගේ Instagram ගිණුමයි.


Guinness World Records නිළ වෙබ් අඩවිය මඟින් මේ බව සනාත කර තිබෙනවා.

Rate This Article

Thanks for reading: Lionel Messi ගෙන් නව ලෝක වාර්තාවක්, Stay tune to get latest Blogging Tips.

Getting Info...

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.